fbpx
MR. S.N.SANATH NANDASIRI
Popular

සනත් නන්දසිරි (1942 පෙබරවාරි 15 – 2023 මාර්තු 28) ශ්‍රී ලාංකික ගායකයෙක්, සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, තනු නිර්මාපකයෙක් සහ පසුබිම් ගායකයෙක් විය.  ශ්‍රී ලාංකේය සංගීතයේ ප්‍රමුඛතම ගායකයෙකු වන නන්දසිරි දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සිය නිර්මාණ සඳහා සම්මාන කිහිපයක් ලබා ගත්තේය. නන්දසිරි මුලින්ම සිංහල ගුවන්විදුලියට පැමිණෙන්නේ 1955 දී වයස අවුරුදු 13 දීය. වයස අවුරුදු 17 දී ඔහු තබ්ලා වාදනය හැදෑරීමට පටන් ගත්තෙය. ඔහු 70 දශකයේ ප්‍රේමසිරි කේමදාසයන් විසින් රචනා කරන ලද “සඳ බලන්න” සහ “ගමේ කෝපි කඩේ” පටිගත කරන ලද අතර, ඒවා ඉතා ජනප්‍රිය විය. 2018 පෙබරවාරි 24 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේදී සනත් නන්දසිරිට උපහාර පිදීමේ උත්සවයක “නන්දසිරි මහතා වෙත විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය. 2019  වසරේ,  ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන්ද පිදුම් ලැබීය. දිගු කලක් රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා 2023 මාර්තු 28 වන දින වයස අවුරුදු 81 දී ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත විය.

Overview

  • Funeral Status: Due
  • Decision on Date of Funeral: Not Yet
  • Date of Funeral: March 28, 2023

Say what's in your heart...

Leave a message for your friend or loved one...