ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය (19) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 78 වැනි වියේ පසු වූ ඇය කලක සිට රෝගාතුරව සිටියාය.
පාසල් සිසුවියක ලෙස රංගනයට පිවිසි ලියෝනි කොතලාවල පසුව වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා ශාලාවල බැබළෙන විට ඇයගේ වයස අවුරුදු 17 කි.
ඇය රංගනය ආරම්භ කළේ 1962 වසරේ ශ්‍රී ලංකා කලායතනය මගින් සංවිධානය කළ නාට්‍ය තරගයක් සඳහා ජී.ඩී.එල් පෙරේරා විසින් නිර්මාණය කරන ලද ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයට පෙනී සිටීමෙනි.
ඇය 1966 විශ්වවිද්‍යාල සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස නිර්දේශ වූ අතර 1988 වසරේ OCIC සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.
සෝමාගේ සිහිනය, චාරුලතා, තාරාදේවි, චරිත තුනක්, කුමාරහාමි, හිරුට මුවාවෙන්, නැදයෝ, වැනි විශීෂ්ට ටෙලි නාට්‍ය රැසකටද ඇය රංගන දායකත්වය දුන්නාය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.
Leave a message for your friend or loved one...